03 September 2025

logo

කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි



කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. 

මේ හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපළක් වෙන දෝහා වෙතින් ගුවන්යානා ඉවතට හරවා යැවීමටද පියවර ගෙන තිබෙනවා.
 
කටාර්හි අල්-උදෙයිද් ප්‍රදේශයේ එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යන සන්ධාන ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැ‍බීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එසේම එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට ආරක්ෂිත ස්ථානවල සිටින ලෙස අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)