10 February 2025


දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ වැටුප් වැඩිවෙයිද ?



දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුව සමඟ ඊට අදාළ සාකච්ඡා ආරම්භ කළ බවයි.

දුම්රිය ගේට්ටු මුරකරුවන්ට ලැබෙන මාසික වැටුප රුපියල් 7500ක් බවද අමාත්‍යවරයා කියා සිටියා.

(colombotimes.lk)