26 May 2026

logo

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 50 ඉක්ම වූ වැසි



දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (18) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. 

එමෙන්ම නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)