17 December 2025

logo

අද පළාත් කිහිපයකට වැසි



අද (10 ) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

එමෙන්ම උතුරු-මැද පළාතෙත් පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක් තද සුළං ද ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)