26 May 2026

logo

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසු වැසි



දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අද (08) පස්වරු 2.00 න් පසුව ස්ථාන කිහිපයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

(colombotimes.lk)