09 January 2026

logo

දිස්ත්‍රික්ක 04කට ප්‍රබල අකුණු සමඟ වැසි



කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
 
එම නිවේදනයේ සඳහන් වන්නේ අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි.
 
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)