26 February 2026

logo

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි



ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (19) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා  දෙපාර්තෙම්න්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත් මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
 
එමෙන්ම උතුරු පළාතෙත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. 

(colombotimes.lk)