02 November 2025

logo

රජරට සරසවියේ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කරයි



රජරට විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය විසින් පසුගිය 30වනදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කොට තිබෙනවා.

ඒ විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයෙක් පත්කර ගැනීමේ ක්‍රියාවලිය තුළ සිදුවී ඇති ගැටලු‍කාරී තත්ත්වයන් හේතුවෙන්.

රජරට විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීගනගේ සඳහන් කළේ වත්මන් වැඩ බලන උපකුලපති සහ ලේඛකාධිකාරීතුමිය අත්තනෝමතික ලෙස උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක්ද පළ කර ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (01) අනුරාධපුරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

එමෙන්ම මෙම ගැටලු‍ව විසදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)