31 May 2026

logo

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අර්බුදයක



රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය සහ මහාචාර්යවරුන්ගේ 50%ක පමණ හිඟයක් පවතිනවා.

ඒ අනුව රජරට විශ්ව විද්‍යාලය තුළ එම ගැටලුව උග්‍රවී ඇති බව එහි කළමණාකරණ පීඨ ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කළා. 

එහි සභාපති තිළිණ නිරෝෂ් සඳහන් කළේ කළමනාකරණ පීඨය තුළ සිසුන් 2,000ක් පමණ ඉගෙනීම් කටයුතු සිදුකළ ද ඔවුන්ගේ ඉගැන්වීම් කටයුතු සඳහා ඇත්තේ මහාචාර්යවරුන් 12දෙනෙක් පමණක් බවයි.

ඒ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙනවා. 

(colombotimes.lk)