30 May 2026

logo

රාමනාදන් අර්චුනා අද අධිකරණයට



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

පසුගිය 27වනදා උදෑසන අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. 

පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කිරීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)