අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධි චෝදනා භාරදීම සිදු කර තිබෙනවා.
ඒ මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදු කර තිබෙනවා.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
