26 May 2026

logo

රවී ජාතික ලැයිස්තුවට ගිය හැටි සෙවීමට රනිල් සිව් පුද්ගල කමිටුවක් පත් කරයි



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස නීතිඥ කුමාර් දුනුසිංහ, නීතිඥ ඉන්දික වේරගොඩ සහ ආචාර්ය විතානගේ පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කමිටු ලේකම් වශයෙන් නීතිඥ යසස් ද සිල්වා පත් කර තිබෙනවා.

මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතයි.

(colombotimes.lk)