30 May 2026

logo

රනිල්ට එරෙහි නඩුව යළි සළකා බැලීම අද



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබෙනවා. 

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගී වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා. 

(colombotimes.lk)