14 March 2025


හැටන් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට රතු නිවේදනයක්



මධ්‍යම කඳුකර ප්‍රදේශයේ මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට අද සිට දින දෙකකට වරක් ජලය ලබා දෙන බව ඊයේ (13) ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දන්වා තිබෙනවා.

එම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් 4100ක් පමණ සිටින බවයි වාර්තා වන්නේ.

ජලය එක්රැස් කරන ජල තටාකවල ජලය එක්රැස් නොවන බැවින් මෙසේ දින දෙකකට වරක් ජලය ලබාදීමට සිදු වී තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ නළ මාර්ගවලට අමතරව බවුසර් මඟින් ද ජලය ලබා දෙන ලෙසයි.

එමෙන්ම මෙම  ප්‍රදේශයේ ආපනශාලාවලට දිනකට විශාල ජලය ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් එම ජල ප්‍රමාණ ලබා නොදුනහොත් ආපනශාලා වසා දමන බව එහි හිමිකරුවන් ප්‍රකාශ කළා.

(colombotimes.lk)