අත් පන්දු, කැරම් සහ හොකී සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින්.
එහි සඳහන් වන්නේ පසුගිය 19වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංගම්වල නිසි බලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා පත්කර තිබෙන බවයි.
එම ක්‍රීඩා සංගම්වල සංශෝධිත ව්‍යවස්ථාව යටතේ නිලවරණයකින් නිලධාරීන් තෝරා පත්කරගන්නා තෙක් මෙම ක්‍රීඩා සංගම්වල කාර්යයන් කරගෙන යාම සහ කළමනාරණය කිරීම ලේකම්වරයා යටතේ සිදු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එම ගැසට් නිවේදනය පහතින්, 
(colobotimes.lk)
