colombotimes.lk
සිංහල | English

02 July 2024

කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට වැව් 07ක ප්‍රතිසංස්කරණ ඇරඹෙයි



කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන වැව් 07ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වව්නියාව, ආසිකුලම් හි ඉලුප්පායිකුලම් වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතාගේ සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව කළුකුන්නාමඩුව වැව, නිත්තිකුලම, කන්කන්කුලම, ක්‍රිස්තාවකුලම්, මුසල්කුත්තිකුලම් යන වැව් වලද ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)