26 March 2025


මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුමක්



මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම අතර කොටස ඉදි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පවත්වන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ චීන එක්සිම් බැංකුවේ ණය ආධාර මත ආරම්භ කළ එම කොටසේ ඉදිකිරීම් මේ වන විට අතරමග නතර වී ඇති බවයි.

කඩවත - මීරිගම කොටසේ ඉදිකිරීම් වසර 10ක් ප්‍රමාද වීම හේතුවෙන් දෛනිකව ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)