04 November 2025

logo

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්



කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර 2ක් යටතේ පාලමක් ඉදිකිරීමට නියමිත බවයි.

එම පාලම ඉදිකිරීමේ කටයුතු 2025-11-01වන දින සිට 2026-01-31වන දින දක්වා සිදු කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙහි පළමු අදියරයේදී කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු 2කින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයේ එක් මන්තීරුවක් වසා දමන බවයි.

දෙවන අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීමට නියමිත අතර එම කාලය තුළ මංතීරු 2කින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයේ එක් මංතීරුව වසා දැමීමට නියමිතයි.

ඒ අනුව එහි ඉදිකිරීම් සිදු කරන කාලය තුළ කොළඹ - නුවර මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙසට පොලීසිය උපදෙස් ලබාදී තිබෙනවා.

(COLOMBOTIMES.LK)