අවුරුදු කාලසීමාව තුළ අධිවේගී මාර්ග භාවිතයෙන් ලද සමස්ත ආදායම රුපියල් මිලියන 536ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ අප්‍රේල් මස 10වනදා සිට අප්‍රේල් මස 20වනදා දක්වා කාලය තුළ අධිවේගී මාර්ග භාවිතා කරන ලද රථවාහනවලින් මෙම ආදායම ලැබී ඇති බවයි.
එමෙන්ම එම කාලසීමාව තුළදී අධිවේගී මාර්ග භාවිතා කරන ලද රථවාහන සංඛ්‍යාව දාහතර ලක්ෂ තිස් එක්දහස් තුන්සිය දහනමයක් බවද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
