04 July 2025

logo

ඉන්දියාවෙන් බංගලාදේශයට සහල්



සහල් ටොන් 35,000ක් රැගත් නෞකා 02ක් බංගලාදේශය වෙත ළඟාවී තිබෙනවා.

එම සහල් අතර තැම්බූ සහල් ටොන් 22,500ක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ටෙන්ඩරයක් හරහා ගිවිසුමක් යටතේ මෙම සහල් ආනයනය කර ඇති බව බංගලාදේශයේ ආහාර අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

බංගලාදේශය වැඩිදුරටත් සඳහන් කළේ නැව්ගත කිරීමේ සාම්පල භෞතික පරීක්ෂණවලට භාජනය කර ඇති අතර සහල් ගොඩබෑම ආරම්භ කර ඇති බවයි.

(colombotimes.lk)