26 July 2025

logo

සවස් කාලයේදී ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලට සහ ගාල්ල, මාතර, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලට එලෙස ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇති වීමට හැකියාවද පවතිනවා.

එමනිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදු වන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,




(colombotimes.lk)