අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අද (31) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.
නීති විරෝධී ලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළව ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ඇය භාර වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදි පැය 9කට අධික කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වැඩිදුර විමර්ශන සඳහා මතුගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධනගේ සැමියා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
(colombotimes.lk)