colombotimes.lk
සිංහල | English

08 October 2024


Travel Time | ශ්‍රී ලංකාවේ රාජකීය උද්භිද උද්‍යානය



දැනට ශ්‍රී ලංකාවේ ඇති ජනප්‍රිය ම උද්භිද උද්‍යානය ලෙස හැඳින්විය හැකි රාජකීය උද්භිද උද්‍යානය, එහෙමත් නැත්නම් පේරාදෙණිය උද්භිද උද්‍යානය අක්කර 147 (හෙක්ටයාර 59) ක භූමි ප්‍රමාණයකින් යුක්තයි. හැම අවුරුද්දකම සංචාරකයින් මිලියන 1.2 ක් විතර පේරාදෙණිය උද්භිද උද්‍යානය බලන්න එනවා. ඒ ඒවගේම එහි දී සියවස් ගණනාවක් පැරණි තුරු ලතා ද බලාගන්න පුළුවන්.

Royal Botanical Gardens, Peradeniya - Wikipedia

පේරාදෙණිය උද්භිද උද්‍යානයට යන්නේ කොහොමද ?

කොළඹ නගරයේ සිට කිලෝ මීටර් 110 ක් ඈතින් හා මහනුවර නගර සීමාවේ සිට කිලෝ මීටර් 6 ක් බටහිර දෙසින් තමයි පේරාදෙණිය උද්භිද උද්‍යානය පිහිටලා තියෙන්නේ. උද්‍යානයේ මායිම ලකුණු කරන්නේ මහවැලි ගංගාවෙන්.
ඔයා බස් එකේ උද්‍යානය බලන්න යනවා නම් මුලින්ම කොළඹ කොටුවෙන් නුවර බස් එකක නගින්න ඕනේ. ඊට පස්සේ නුවර Good Shed බස් හෝල්ට් එකෙන් බහින්න ඕනේ. එතන ඉදලා පේරාදෙනිය බස් එකක නැගලා මල් වත්ත ගාවින් බහින්න තියෙන්නෙ.

ඒත් ඔයා කැමති කෝච්චියේ යන්න නම් මරදාන ස්ටේශන් එකෙන් නුවර යන ට්‍රේන් එකක නගින්න ඕනේ. ඊට පස්සේ පේරදෙනිය සරසවි උයන ස්ටේශන් එකෙන් බැහැලා පයින් යන දුර තමයි පේරාදෙණිය උද්භිද උද්‍යානයට තියෙන්නේ.

Royal Botanic Gardens Kandy Sri Lanka | Holiday Packages Sri Lanka

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සුන්දරත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ ගස තියෙන්නෙත් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ.
විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති රාජකීය උද්භිද උද්‍යානයේ දී නොයෙක් පැහැයෙන් යුතු සොඳුරු මල් වර්ග, බෙහෙත් පැළෑටි, විදේශීය ශාක, තාල වර්ගයට අයත් ශාක වැනි විවිධ ශාක විශේෂයන් 4,000 ක අධික ප්‍රමාණයක් දැක ගැනීමට ඔබට පුළුවන්.

රාජකීය උද්භිද උද්‍යානයේ දී තාල වර්ගයට අයත් ශාක විශේෂ 200 ක් පමණ දැක ගැනීමට ලැබුණ ද ඒ අතරින් සැමගේ අවධානය යොමු වන්නේ සීෂෙල්ස් දූපත්වලින් ගෙන එන ලද දෙබිඩි පොල් ගස් වලට.
ඒ වගේම තමා උණ ගස් එකතුව, මීවන උයන, කෘත්‍රිම විල, ගාඩ්නර් ස්මාරකය, කුළුබඩු උයන සහ ඕකිඩ් නිවාසයත් සංචාරක ආකර්ෂණය වැඩිපුර දිනාගත්ත තැන් විදියට අපිට හදුන්වන්න පුළුවන්.

ඕකිඩ් නිවසේ දී දෙස් විදෙස් ඕකිඩ් විශේෂ රාශියක් මෙන් ම ඒවා දෙමුහුම් කිරීමෙන් නිපදවා ඇති ඕකිඩ් මල් බොහෝමයක් දැක ගැනීමට පුළුවන්. එවගේම ඕකිඩ් ලොවේ විශාලත ම පැළෑටිය ලෙස සැලකෙන මීටර් 2.5 ක දිගින් යුතු මල් කිනිත්තක් සහිත Grammatophyllum Speciosum මෙන් ම හරිත ඕකිඩ් (Coelogyne Meyeriana) ද මෙහි දී දැක ගැනීමට ලැබෙනවා.

Royal Botanical Gardens, Peradeniya | Attractions in Sri lanka

කෑම බීම

උද්භිද උද්‍යානයට පිටතින් ආහාර රැගෙන යා හැකි අතර උද්‍යාන තුළ ඇති ආපනශාලා දිනපතා ම උදෑසන 10 සිට සවස 5 දක්වා විවෘත ව පවතිනවා. ඉතින් ඔයාලට කැමති නම් ආපන ශාලාවෙන් වුණත් ගන්න පුළුවන්.

Royal Botanic Garden - Central Cultural Fund

Special Note

වසර පුරා ම උදෑසන 7.30 සිට සවස 5 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා රාජකීය උද්භිද උද්‍යානය විවෘත වෙලා තියෙනවා. හැබැයි උද්‍යානයට ඇතුළු වීම සඳහා ඔබ විසින් ප්‍රවේශ පත්‍රයක් මිල දී ගන්න ඕනේ.
නරඹන්නන්ගේ පහසුව සඳහා උද්‍යානයට ඇතුළු වන ස්ථානයේ ම උද්‍යානයේ සිතියම් රැගත් පුවරුවක් ඔබට බලාගන්න පුළුවන්. ඉතින් ඔබ ප්‍රවේශ පත්‍ර මිල දී ගන්නා අවස්ථාවේ දී ම මෙහි මුද්‍රිත පිටපතක් ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ලබා ගත හැකි යි.

(Dinithi Thilakarathne @ COLOMBO TIMES)