04 June 2026

logo

හෙල්ල විසි කිරීමේ හොඳම පස්දෙනා අතරට රුමේෂ් එයි



ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් පෙළේ ක්‍රීඩකයන් 05දෙනා අතරට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඒ සාමාන්‍ය දක්ෂතා ලකුණු 1,287ක් ලබා ගනිමින්.

ඔහු පසුගිය 01වනදා මොරොක්කෝවේ පැවති 'rabat diamond league තරගාවලියේදී මීටර් 85.97ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා. 

ඔහුගේ මෙම දක්ෂතාවය ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හේතු වී තිබෙනවා.

(colombotimes.lk)