ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් අද (04) ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.50ත් රුපියල් 340.50ත් අතර අගයක සටහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපය පුරාම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ක්‍රමයෙන් පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර එය අද දිනයේදී ද තවදුරටත් මෙලෙස දුර්වල වී තිබෙනවා.
(colombotimes.lk)
