දිවයිනට පසුගියදා බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට (16) යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සූදානම් කිරීම සඳහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද (15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පාසල් 147ක් හෙට යළි ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
