colombotimes.lk
සිංහල | English

09 May 2024

නවාල්නිගේ හදිසි මරණයට රුසියාවට චෝදනා



රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ හදිසියේ මරණයට, ජනපති පුටින් වගකිවයුතු බව ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කරනවා.

එසේම මෙම මරණය සම්බන්ධයෙන් බටහිර රටවල් කිහිපයකම නායකයින් රුසියානු රජයට චෝදනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඇලෙක්සි නවාල්නිගේ හදිසි මරණය සම්බන්ධයෙන් පූර්ණ හා විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

නවාල්නි අන්තවාදී සංවිධානයක් ආරම්භ කිරීම සහ අරමුදල් සැපයීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් වසර 19ක සිර දඬුවම් නියම වූ අතර ඔහු ඊයේ (16) එරට බන්ධනාගාරයක දී මිය ගොස් තිබුණා.

මිය යනවිට ඔහු 47 හැවිරිදි වියේ පසුවුණා.
(colombotimes.lk)