12 February 2026

logo

SA Vs SL - 2nd Test | ශ්‍රී ලංකා පළමු ඉනිම නොසිතූ ලෙස කඩා වැටෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද (07) පැවැත්වෙනවා.

තුන්වන දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙන සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 7 ලකුණු 86ක් තුළ දවා ගැනීමට අප්‍රිකා පන්දු යවන්නන් සමත් වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 358ක්.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා දකුණු අප්‍රිකාව ලකුණු 30ක් ඉදිරියෙන් සිටිනවා.

(colombotimes.lk)