බේරුවල නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත් කිරීමේදී ජාතික ජන බලවේගයට සහාය දුන් බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ සාමාජිකයන් 06දෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)