colombotimes.lk
සිංහල | English

09 May 2024

SL vs Afg - 1st T20 I ශ්‍රී ලංකාවට තියුණු ජයක්



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 4ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 160ක් පමණයි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 161ක්.

නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ඇෆ්ගනිස්තානයට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණයි.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 24 කට කඩුලු 4ක් දවා ගත්තා.
(colombotimes.lk)