02 July 2025

logo

SL Vs ENG - Test | ශ්‍රී ලංකාවේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්තයේ අයෙක් පත් කරයි



එංගලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්තයේ හිටපු පිතිකරු ඉයන් බෙල් පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු අගෝස්තු 16 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වන අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන් වන තෙක් ඔහු රැඳී සිටිනවා.

ඉයන් බෙල් ටෙස්ට් තරග 118කට ක්‍රීඩා කර ශතක 22ක්ද සමඟින් ලකුණු 7727ක් ලබාගෙන තිබෙනවා.

 
(colombotimes.lk)