colombotimes.lk
සිංහල | English

17 September 2024


SL Vs IRE | සිංහ ධේනුවන්ගේ බලාපොරොත්තු ගිලිහෙයි



සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති දෙවන T20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම ඊයේ (14) සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 173ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 166ක් පමණයි.

එහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 65ක් රැස් කළා.

ඒ අනුව එම තරගය අයර්ලන්ත කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත T20 තරගාවලිය තරග 1 -1ක් ලෙස අවසන් වුණා.

(colombotimes.lk)