colombotimes.lk
සිංහල | English

18 October 2024


SL Vs IND - 03rd ODI | සිරාජ්ට දැඩි ප්‍රහාරයක් - කුසල් සහ අවිශ්ක ලකුණු අතරට



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් රැස් කරගත්තා.

එහිදී එක්දින පිටියේ 8වන අර්ධ ශතකය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් සහ 30වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කළා.

පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ්  ක්‍රියාත්මක කළ පන්දුවාර 9 තුළ ලකුණු 78ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 249ක්.

(colombotimes.lk)