colombotimes.lk
සිංහල | English

18 October 2024


SL Vs IND - 3rd ODI | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය අද (07) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

මේ වන විට තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

ඒ අනුව අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට හැකියාව තිබෙනවා.

 
(colombotimes.lk)