colombotimes.lk
සිංහල | English

18 October 2024


SL Vs IND - 03rd ODI | සංගා - මහේලට නොහැකි වුණ දේ චරිත් කරයි



වසර 27කට පසු ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා.

ඒ අද පැවැති තුන්වන එක්දින තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 110කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් රැස් කරගත්තා.

එහිදී එක්දින පිටියේ 8වන අර්ධ ශතකය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් සහ 30වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 249ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26යි පන්දු එකක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 138ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 1997 වසරෙන් පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද සමත්වුණා.

(colombotimes.lk)