02 July 2025

logo

SL Vs IRE Women 1st T20 | සිංහ ධේනුවන්ට විශිෂ්ට ජයක්



සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග දෙකකින් යුත් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 145ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 146ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 16යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

(colombotimes.lk)