colombotimes.lk
සිංහල | English

17 September 2024


SL Vs IRE women's - 1st ODI | විශ්මිගේ ශතකයත් සමඟින් අයර්ලන්තයට හිමි වූ ඉලක්කය



ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 260ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී 18 හැවිරිදි විශ්මි ගුණරත්න ශතකයක් වාර්තා කළ අතර ඇය වාර්තා අතරට එක්වුණේ චමරිගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයන් රැස් කළ ක්‍රීඩිකාව ලෙසයි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට හිමිවන ඉලක්කය ලකුණු 261ක්.

(colombotimes.lk)