colombotimes.lk
සිංහල | English

17 September 2024


SL Vs IRE women's | පළමු එක්දින සටනේ ජය අයර්ලන්තයට



අයර්ලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 260ක් රැස් කළා.

එහිදී විශ්මි ගුණරත්න ලකුණු 101ක් සහ හසිනි පෙරේරා ලකුණු 46ක් රැස් කර ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ ලකුණු 7ක් දැවී ලකුණු 261ක් රැස් කරමින් තරගයේ ජය හිමි කරගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 - 0ක් ලෙස අයර්ලන්ත කාන්තා කණ්ඩායම පෙරමුණ ලබා ගෙන තිබෙනවා.

(colombotimes.lk)