සංචාරක නවසීලන්ක කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන සහ අවසන් තරගය ලකුණු 3කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ඔවුන් පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 108ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Will Young ලකුණු 30ක්, Josh Clarkson ලකුණු 24ක් සහ Mitchell Santner ලකණු 19ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 4ක්, මතීෂ පතිරණ කඩුලු 3ක් සහ නුවන් තුෂාර කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 103ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 15ක් සහ නොදැවී පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ලකුණු 52 ක් ලබා ගත්තා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තරග 2 කින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග 1ට 1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා.
(colombotimes.lk)