28 January 2026

logo

SL Vs NZ - ODI | ශ්‍රී ලංකා සංචිතයෙන් ක්‍රීඩකයන් 4ක් නිදහස් කරයි



නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් සිව්දෙනෙක්ව නිදහස් කර තිබෙනවා.

ඒ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තීරණාත්මක ටෙස්ට් තරගාවලියට සූදානම් වීම වෙනුවෙන්.

ඒ අනුව පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ව එලෙස එක්දින සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු උදාර, සහ ඒෂාන් මාලිංග සංචිතයට එක් කර ඇති බවයි වාර්තා වන්නේ.

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට ජයග්‍රහණය කර අවසන්.

(colombotimes.lk)