01 July 2025

logo

SL Vs NZ - Test | කුසල් මෙන්ඩිස් පසුපෙළට?



නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස් කඩුලු රකින ක්‍රීඩකයාගේ භූමිකාව භාර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

ඔහු කියා සිටියේ දිනේෂ් චන්දිමාල් පසුගිය එංගලන්ත සංචාරයේදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි.

කුසල් මෙන්ඩිස් මෙම තරගයට කඩුලු රකින්නෙක් ලෙස ක්‍රීඩා කළහොත් ඔහුට අංක 7 ස්ථානයේ පිතිකරණයේ යෙදීමට ඉඩ තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 සිට සැප්තැම්බර් 30 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)