සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (29) තුන්වන දිනටත් පැවැත්වුණා.
අද දිනය සඳහා තරගය නතර කරන විට තරගයේ ජයග්රහණය වෙනුවෙන් සිය දෙවන ඉනිමේදී ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 103ක් රැස් කරගෙන සිටියා.
එහිදී නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 29ක් රැස් කළා.
මෙම තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 191ක් රැස් කළ අතර ශ්රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 42ක් පමණයි.
ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ක්රීඩා කළ අප්රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 366ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 516ක්.
අද දිනය නිමා වන විට තරගයේ ජයග්රහණය වෙනුවෙන් කඩුලු 5ක් අතැතිව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 413ක් ලබා ගත යුතු වනවා.
මෙම තරගයේ සිව්වන දිනය හෙට (29) පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)