12 February 2026

logo

SL Vs SA - 2nd Test | අප්‍රිකා කණ්ඩායමේ පළමු ඉනිම නිමාවෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (06) පැවැත්වෙනවා.

තරගයේ පළමු දිනය සඳහා ඊයේ (05) තරගය නතර කරන විට දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 269ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා අද සියලුදෙනා දැවී ලකුණු 358ක් රැස් කර ගැනීමට සමත්වුණා.

එහිදී Ryan Rickelton ලකුණු 101ක් සහ Kyle Verreynne නොදැවී ලකුණු 105ක් රැස් කළා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 4ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 3ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් දවා ගත්තා.

(colombotimes.lk)