12 February 2026

logo

SL Vs SA - 2nd Test | තෙවන දිනය අදයි - සිංහයන් ලකුණු 116ක් පිටුපසින්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද (07) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගයේ දෙවන දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙන සිටියා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 89ක් රැස්කළා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කරගෙන සිටියා.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ලකුණු 8,000 පසු කිරීමට සමත් වුණා.

ඔහු වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8,000 වාර්තා කළ තුන්වන ක්‍රීඩකයා ලෙසයි.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එම කඩයිම පසුකර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් පහතින්,



දකුණු අප්‍රිකා කණ්ඩායම සිය  පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 358ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකා පළමු ඉනිමට වඩා කඩුලු 7ක් අතැතිව ලකුණු 116ක් පිටුපසින් සිටිනවා.

(colombotimes.lk)