12 February 2026

logo

SL Vs SA - Test | දෙවන තරගයේ සිව්වන දිනය අදයි - අප්‍රිකාව ලකුණු 221ක් ඉදිරියෙන්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (08) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගයේ තෙවන දිනය සඳහා ඊයේ (07) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 191ක් රැස් කරගෙන සිටියා.

දකුණු අප්‍රිකා කණ්ඩායම සිය  පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 358ක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිම සඳහා රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 328ක් පමණයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා දකුණු අප්‍රිකාව තවත් කඩුලු 7ක් අතැතිව දකුණු අප්‍රිකාව ලකුණු 221ක් ඉදිරියෙන් රැඳී සිටිනවා.

(colombotimes.lk)