01 July 2025

logo

SL Vs SA - Test | දෙවන තරගයේ දෙවන දිනය අදයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (06) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඊයේ (05) ආරම්භ වූ තරගයේ කාසියේ වාසය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පළමු දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන අප්‍රිකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 269ක් රැස් කරගෙන සිටියා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 3ක්, අසිත් ප්‍රනාන්දු කඩුලු 2ක්, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

(colombotimes.lk)