අද (14) සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට අවතීර්ණ වන්නේ, වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතුවයි.
සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිකන්දර් රාසාට පැවරී ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත්ව නොසිටි ප්‍රවීණ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, වේග පන්දු යවන්නන් වන නුවන් තුෂාර සහ මතීෂ පතිරණ ද මෙම තරගාවලියේදී සංචිතය නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා.
මෙම තරගය අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව ඇත්තේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
(colombotimes.lk)
