02 May 2026

logo

ශ්‍රීලනිපය රනිල් සහ පොහොට්ටුව සමග ගනුදෙනු නොකරන බව කියයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රනිල් වික්‍රමසිංහ හෝ පොහොට්ටුව සමග කිසිදු දේශපාලනික ගනුදෙනුවක් නොමැති බව එම පක්ෂයේ වැඩ බලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ප්‍රකාශ කළා.

තම පක්ෂය මූලික කොට ගත් සන්ධානයක් ගැන මේ වනවිට සාකච්ඡා සිදු කරන නිසා ඒ සම්බන්ධව බොරු ප්‍රකාශ සමාජ ගත කිරීමට ඇතැමුන් උත්සාහ කරන බව ඔහු කියා සිටියා.

එම සන්ධානය රටේ ඉදිරි දේශපාලන කටයුතු වලදී තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.
(colombotimes.lk)