colombotimes.lk
සිංහල | English

19 May 2024

දයාසිරිට සිටි තැන අහිමිවෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේ අනුමැතියට යටත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී ඊයේ රැස්වූ දේශපාලන මණ්ඩලය විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. 
 
දයාසිරි ජයසේකර මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවමින් ශ‍්‍රීලනිප සභාපතිවරයා එවා තිබූ ලිපියේ සඳහන් කර ඇත්තේ පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඔහුට එරෙහිව ද විනය පරීක්‍ෂණයක් පවත්වන බවයි. 
 
දින 14ක් ඇතුළත චෝදනා පත්‍රයක් එවන බවද එම ලිපියේ සඳහන්. 
 
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස සරත් ඒකනායක මහතා පත් කර තිබෙනවා. 
 
මේ අතර තමන් කවදත් පක්ෂයට පක්ෂපාතීව කටයුතු කළ බවත් ජනතාව වෙනුවෙන් සාමූහික තීරණයක් ගන්නා ලෙස පමණක් පක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළා.
(colombotimes.lk)
May be an image of ticket stub and text