රුපියල් මිලියන 1,300 කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සහිත කන්ටේනරයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රජයට බදු නොගෙවා මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මත්කුඩු ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකාය විසින් ග්‍රෑන්ඩ්පාස්, කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී කන්ටේනරය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දුම්වැටි පටවාගත් කන්ටේනරය එම අවස්ථාවේ ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනය වෙත යමින් තිබූ බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
විශේෂ කාර්ය බළකාය කන්ටේනරය පරීක්ෂා කිරීමේදී දුම්වැටි කූරු 10,420,000 ක් සොයාගෙන තිබුණා.
ඒවා නීතිවිරෝධී ලෙස ආනයනය කිරීම සම්බන්ධයෙන් මාකොළ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ අත්අඩංගුවට ගත් කන්ටේනරය වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත භාර දීමට කටයුතු කළා.
(colombotimes.lk)